රෝහල් වෙත වෛද්‍ය උපකරණ හා මානව සම්පත් බෙදී යන ආකාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්


රෝහල් වෙත වෛද්‍ය උපකරණ හා මානව සම්පත් බෙදී යන ආකාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක්

Share Button

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත් බෙදී යන ආකාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දෙයි. ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් පවතින අතර ග්‍රාමීය රෝහල්වල වෛද්‍ය හිගයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේදී අනාවරණය විය. මුලික රෝහල් මධ්‍යම රජයට පවරාගැනිම මගින් සෞඛ්‍ය පහසුකම් ප්‍රසස්ථ මට්ටමකට ගෙනඒමේ හැකියාව පවතී. එහෙත් පළාත් සභාව යටතේ ඇති විෂයන් මධ්‍යම රජයට පවරාගැනිම 13 වැනි ආණඩුක්‍රම ව්‍යවසථා සංශෝධන සමග ගැටෙන බැවින් එය ගැටඑ සහගත බව සෞඛ්‍ය ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එබැවින් ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාව අමාත්‍ය මණඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කෙරිණි. මේ අතර ආයුර්වේද උපාධිධාරින් 719 දෙනෙකු රැකියා විරහිතව සිටින බව ද එම කාරක සභාවේදි අනාවරණය විය. ප්‍රාදේශීය වශයෙන් බෙහෙත් ශාලා ආරම්භ කර ඔවුන්ට පත්වීම් ලබාදීමේ සැලසුමක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකෝඩි මහතා සඳහන් කලේය.

No comments:

Post a Comment