ඉදිරි පැය 24 තුල නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත් වලට තද වැසි


 

ඉදිරි පැය 24 තුල නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත් වලට තද වැසි


දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි ස්වාභාවය ඉදිරි පැය 24 තුල අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුරු මැද සහ ඌව පලාත් වලත් මුලතිව් වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර සියයට වැඩි තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ජාතික ගුවන් විදුලිය කල විමසීමකදි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනි ජයවර්ධන මහත්මිය සදහන් කලාය.

No comments:

Post a Comment