කළ්‍යාණි රන් පිවිසුම ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට
නව කැළණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පැවරේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්වෙයි. ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙම පාලම කල්‍යාණි රන් පිවිසුම ලෙස නම් කර ඇත. කොළඹ කටුනායක අධීවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව කොළඹ නගරයට ඇතුඵවන වාහන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගියේය. එමනිසා වත්මන් කැළණි පාලමේ ධාරිතාව ප්‍රමානවත් නොවීය. ඊට පිළියම් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සිටි 2014 දි මෙම නව කැළණි පාලම ඉදිකිරීිම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. කොළඹ කටුනායක අධිවේගීි මාර්ගයේ කොළඹ අන්තය අවසානයේ සිට බන්ඩාරනායක වටරවුම දක්වා මන්තීරු 6 ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත් ඉගුරුකඩේ හංදිය දක්වාත් වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4 ක් වන ආකාරයෙන් නිර්මානය කර ඇත. කැළණි ගග හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මිටර් 380 කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීිම් සිදුකර ඇත. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් කෝටි 3153 ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් කෝටි 989 ක් වැයකර තිබේ. ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් පාලම ඉදිකෙරිණි.
No comments:
Post a Comment