කොවිඩ් අවදානම තවදුරටත්
කොවිඩ් වෛරසයේ අවදානම තවමත් පවතින බැවින් සෞඛය මාර්ගෝපදේශ වලට අනුව තවදුරටත් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. මේ වන විට එන්නත්කරණ වැඩපිලිවෙලද සාර්ථකව සිදුකෙරේ. වයස අවුරුදු 20 ට වැඩි පිරිස් සදහා එන්නත ලබාදිමේ ප්‍රගතිය සියයට සියයකින් එක් කෝටි පනස් නවලක්ෂ දාහතර දහස් පන්සිය අසුදෙනෙකුට පලමු මාත්‍රාව ලබාදි අවසන්ය.. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි තිස්හත් ලක්ෂය ඉක්මවයි. බූස්ටර් එන්නත ලබාදි ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුන්ලක්ෂ විසිහතර දහසකට අධිකය. කෙසේ වුවත් යලි කොරෝනා ආසාදිතයින්ගේ සහ කොරෝනා ආසාදිත මරණවල වර්ධනයක් පෙන්නුම් කරන බැවින් නිසි පරිදි මුව ආවරණ පැලදිම සහ දුරස්ථභාවය පවත්වා ගැනිම සම්බන්දයෙන් ජනතාව දැඩි අවධානය යොමු කල යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.
කොවිඩ් ආසාදිතයෝ පන්සිය හතලිස් දෙදෙනෙක් හදුනා ගැනෙති. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන පන්ලක්ෂ පනස්අටදහස් හයසිය හැට දෙකක් දක්වා ඉහළ යයි. කොවිඩ් මරණ 24 ක්ද අද වාර්තාවේ. ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයන් ගණන 538 කි. පුද්ගලයන් 418 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
No comments:
Post a Comment