ආපදා වන්දි වශයෙන් රුපියල් මිලියන 24 ක්


ආපදා වන්දි වශයෙන් රුපියල් මිලියන 24 ක්

Share Button

පසුගිය මාස දෙක තුලදී සිදුවු ආපදා හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් හා හානියට පත් නිවාස වෙනුවෙන් රජය රුපියල් මිලියන 24 කට ආසන්න මුදලක් වන්දි ලෙස ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්වු ජනතාවට අවශ්‍ය පිසු ආහාර සහ වියලි ආහාර ලබාදීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 6.8 කි. නිවාස හානි සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් මිලියන 17.1 ක් ලබාදී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සදහන් කරයි.

මෙම කාලය තුලදී දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 174 ක පවුල් 71161 කට අයත් පුද්ගලයන් දෙලක්ෂ 54494 දෙනෙක් පීඩාවට පත්වුහ. පුර්ණ හානියට ලක්වු නිවාස සංඛ්‍යාව 60 කි. නිවාස 2599 කට අර්ධ හානි සිදුවී තිබෙ.

No comments:

Post a Comment