තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට


 

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට

Share Button

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැගව සිටි ටිංකර් ලසන්ත නමැත්තා පොලිස් වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ.

ඔහු සැගව සිටි කඵතර උතුර දියගම ප්‍රදේශයේ නිවසක ගිනි අවි පරීක්ෂාවකට ගිය අවස්ථාවේ ඇතිවු වෙඩි හුවමාරුවේ දිී මෙම පුද්ගලයා මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි. මෙහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුවී තිබෙ.

බරපතල අපරාධ රැසකට සම්බන්ධ මෙම පුද්ගලයාට අදාලව අධිකරණ රැසක නඩු පවතී. සිද්ධිය පිළිබඳ කඵතර කොට්ඨාස විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment