දෙනියායේ පාසල් සිසුන් 30කට කොරෝනා ආසාදනය වෙයි
පසුගිය දින 10ක කාලසීමාව තුළදී දෙනියාය අධ්‍යාපන කලාපය තුළ සිසුන්,ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු 49 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් විසිහතරක් ආශ්රයෙන් මෙම තොරතුරු වාර්තා වී ඇත.
මෙසේ හඳුනා ගත් ආසාදීතයින් අතරින් 30 දෙනෙකු පාසල් සිසුන් බවටයි ආරංචි මාර්ග වාර්තා කරයි.
එසේම මෙම පිරිස අතර විදුහල්පතිවරු තිදෙනෙකුද සිටින බව වාර්තා වන අතර ආසාදිතයින් අතරින් දෙදෙනෙක් අනධ්‍යයන සේවකයින් බව අධ්‍යාපන ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
No comments:
Post a Comment