පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ ගැසට් නිවේදනය බලරහිත කොට තනතුරෙන්ද ඉවත් කෙරේ


 

පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ ගැසට් නිවේදනය බලරහිත කොට තනතුරෙන්ද ඉවත් කෙරේ



පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ඉකුත් පළමුවැනිදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. ඔහුට එරෙහිව විනයානුකුල පරීක්‍ෂණයක් ද පැවැත්වේ. පලිබෝධ නාශක තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

ග්ලයිෆොසෙට් ඇතුලු පලිබෝධ නාශක 5 ක් මීට වසර 7 කට පමණ පෙර තහනම් කෙරුණි. එම තහනම ඉවත් කරමින් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව තනතුරෙන් ඉවත් කර ඇති බව කෘෂීකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

රජය මේ වනවිට ක්‍රියාවට නංවා ඇති හරිත කෘෂි කර්මාන්තයේ ප්‍රගතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචනය කෙරුණු බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ දස දෙසින් හත වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ ගොවීන්ට නිසිපරිදි කාබනික පොහොර ලබාදී ඇති බවයි. වී වගාවේ අස්වැන්න සම්බන්ධයෙන් කිසිදු ගැටඵවක් නොමැත.

No comments:

Post a Comment

මෙරටින් රත්රන් රැගෙන ගිය දසදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට
මෙරටින් රත්රන් රැගෙන ගිය දසදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට
 දේශීය පුවත් මෙරටින් රත්රන් රැගෙන ගිය දසදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවටකොළඹ සිට ඉන්දියාව බලා ගිය මෙරට දස දෙනෙකු නීති විරෝධී ලෙස රත්රන් රැගෙනයාමේ චෝදනා මත එරට බෙංගලුර් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී රේගු අත්අඩංගුවට පත්වී තිබේ. කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි දෙදෙනෙක් මීට ඇතුළත් වෙති. තම රහස් ස්ථානවල මෙම රත්රන් සගවා ගෙන ඉන්දියාවට ඇතුලුවීමට ඔවුන් උත්සාහ කර තිබුණි. රත්රන්වල වටිනාකම ඉන්දීය රුපියල්
ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි
ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි
 විදෙස් පුවත් ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයිලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 51 ලක්ෂ 75 න් දහසට ආසන්න වෙයි.වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර හත් ලක්ෂ 94 දහස් 312 ක් ලෙස එය සටහන් වෙයි. ඉන්දියාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 65 න් 911 කි. බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 6 ලක්ෂ 12 දහස් 782 ක්ද රුසියාවෙන් දෙලක්ෂ 65 න් දහස් 336 ක්ද