මෙරටින් රත්රන් රැගෙන ගිය දසදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට


 

මෙරටින් රත්රන් රැගෙන ගිය දසදෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට



කොළඹ සිට ඉන්දියාව බලා ගිය මෙරට දස දෙනෙකු නීති විරෝධී ලෙස රත්රන් රැගෙනයාමේ චෝදනා මත එරට බෙංගලුර් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී රේගු අත්අඩංගුවට පත්වී තිබේ. කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි දෙදෙනෙක් මීට ඇතුළත් වෙති. තම රහස් ස්ථානවල මෙම රත්රන් සගවා ගෙන ඉන්දියාවට ඇතුලුවීමට ඔවුන් උත්සාහ කර තිබුණි. රත්රන්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටියකට වැඩිය.

මේ අතර රුපියල් එක්කෝටි 40 ලක්‍ෂයකට වැඩි දෙස් විදෙස් මුදල් තොගයක් ඩුබායි රාජ්‍ය වෙත රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට පත්විය. කොළඹ පදිංචි ව්‍යාපාරිකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment