දියේ ගිලී අතුරුදන් වූ පිරිස සෙවීමට නාවික කිමිදුම් කණ්ඩායම් අටක්


 

දියේ ගිලී අතුරුදන් වූ පිරිස සෙවීමට නාවික කිමිදුම් කණ්ඩායම් අටක්


ත්‍රිකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 06 දෙනෙකුගේ සිරුරු මේ වනවිට කින්නියා රෝහලේ තැන්පත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අතර පාසල් ළමුන් සිව්දෙනෙකුද සිටින බවය.

අනතුරින් දිවිගලවාගත් පුද්ගලයන් 14 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත් කර තිබෙන අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා නාවික හමුදා කණ්ඩායම් 08ක් විශේෂ මෙහෙයුමක් පොලිසිය ක්‍රියාත්මක කර තිබුණි.

ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුව හරහා ගමන්කිරීමට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙන් ඒ හරහා ගමන් කිරීමට පාලම් පාරුවක් යොදා තිබේ.

එම පාලම් පාරුව පෙරළීමෙන් මෙම අනතුර සිදුවුණේ අද (23) පෙරවරු 7.30ට පමණය.

ඒ වනවිට අදාළ පාරුවේ පාසල් ළමුන් ඇතුළු මගීන් 25ත් 35ත් අතර පිරිසක් ගමන්කරමින් සිට ඇති බව පොලීසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන්, පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දියේ ගිලී සිටි 20 දෙනෙකු කින්නියා රෝහලට ඇතුළත්කර තිබුණි.

මේ අතර ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කළේ සංවර්ධන ව්‍යාපෘති අතරතුර මෙවැනි අනතුරු වැළැක්වීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බව පවසමිනි.

උද්ඝෝෂකයින් මාර්ගයේ ටයර් ගිනි තබමින් සිය විරෝධය පළකළ බව අප ප්‍රදේශීය මාධ්‍යවේදියා පැවසීය.

No comments:

Post a Comment