තම රටට පනවා ඇති සංචාරක තහනම අසාධාරණ බව දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා කියයි


තම රටට පනවා ඇති සංචාරක තහනම අසාධාරණ බව දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා කියයි


Share Button

ලෝකයේ රටවල් ගණනාවක් තම රටට හා අසල්වැසි රටවලට සංචාරක තහනමක් පැනවිම දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා තරයේ හෙලා දකී. එය ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් ලෙස හදුන්වන ජනාධිපතිවරයා තහනම හැකිතාක් ඉක්මනින් ඉවත් කරන්නැයි එම රටවලින් ඉල්ලීමක් කරයි. දකුණු අප්‍රිකානු කලාපයේ පැතිර යන ඔමික්‍රෝන් නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් රටවල් ගණනාවක් එම කලාපයේ වැසියන්ට තම රටවලට ඇතුලුවීම තහනම් කර තිබේ. බ්‍රිතාන්‍ය එක්සත් ජනපදය හා යුරෝපා සංගමයට අයත් රටවල් ඒ අතර වෙයි. නව කොරෝනා ප්‍රභේදය පසුගිය බදාදා දකුණු අප්‍රිකාවෙන් හදුනා ගනු ලැබිය.

No comments:

Post a Comment