අද පාර්ලිමේන්තුව
යහපාලන රජයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිතය සඳහා රථවාහන 928 ක් භාවිත කලත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සංඛ්‍යාව 386 ක් දක්වා අඩුකර ඇතැයි ඇමති රෝහිත අබේගුනවර්ධන මහතා පවසයි. එම කාලයේදි අධිකරණයේ කටයුතුවලට ද යහපාලන රජයේ මැති ඇමතිවරුන් අතපෙවු බව ඔහු පාර්ලිමේන්තුවේදි කිවේය. ඇමති අලි සබ්රි මහතා පැවසුවේ ශේෂ්ඨාධිකරනය සහ අභියාචනාධිකරයට රජය කල පත්වීම් ජ්‍යෙෂ්ඨත්වය අනුව සිදුකල බවයි. නඩු ඉල්ලා අස්කර ගැනිම සඳහා රජය කිසිඳු මැදිහත්විමක් සිදුකර නොමැත.
වත්මන් රජයේ සිනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15 යි දශම 9 ක පාඩුවක් සිදුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කලේය. ඒවා ආනයනය කල අයගෙන් අදාල මුදල් අයකරගත යුතුය. ඉටුකම අරමුදලේ ගණුදෙනු ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැත.
යහපාලන රජය සමයේදී දේශපාලන විරුද්ධවාදින්ට එරෙහිව චෝදනා ගොනු කිරීම අරලියගහ මන්දිරියේදි සිදුකල බව පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා කිවේය. හිටපු සොලිසිටර් ජනරාල්වරයාද සම්බන්ධ කරගනිමින් එහිදි බොරු නඩු පැවරීමට එහිදි බලපෑම් කෙරුණි. විරුද්ධවාදින්ට පහර එල්ල කිරීම අල්ලස් කොමිසම යොදාගත් ආකාරය ඔහු පැහැදිලි කලේය.

No comments:
Post a Comment