ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවට ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක්


 

ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවට ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක්

Share Button

එක්සත් ජාතින්ගේ සංවිධානය නිරතුරු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශාපලන කටයුතු සාමය ගොඩනැගීම හා සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහලේකම් කලීඩ් කීයාරිී මහතා කියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවු අවස්ථාවේ ඔහු ඒ බව සදහන් කළේය. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එම හමුව සිදුවිය.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමිව ජනාධිපතිතුමා හා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා අතර පැවති ද්වීපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කියාරී මහතා මෙරටට පැමිණ සිටි. එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බ්නධයෙන් විශේෂ ඇල්මකින් දිගු කාලීනව කටයුතු කිරීමට අපෙක්ෂා කරන බව ඔහු පැවසීය. පරිසරය කෙරෙහි ජනාධිපතිතුමා තුළ ඇති අල්ම හා උනන්දුව ඔහුගේ ප්‍රසාදයට ලක්විය. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු අගය කළේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමටත් අනෙකුත් අභියෝගවලට මුහුණදීමටත් එක්සත් ජාතින්ගේ සංවිධානය දුන් සහාය පිළිබඳව ජනාධිපතිතුමා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

No comments:

Post a Comment

ඊයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 740 ක්
ඊයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 740 ක්
 දේශීය පුවත් ඊයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 740 ක් නොවැම්බර් 26, 2021  වෙබ් සංස්කාරක - AK  0 Comments Corona Deaths, Corona Infections, Health Servicesමේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 60 දහස් 345 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 740 දෙනෙක් හදුනා ගනු ලැබුහ.සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 27 ක් තහවුරු කළේය.
තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට
තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට
 ත්වින්දනීය පුවත්දිවිය හා කලාවENGLISHසිංහලதமிழ்දේශීය පුවත් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවක දී මරුට නොවැම්බර් 26, 2021  වෙබ් සංස්කාරක - AK  0 Comments Divisional Investigation Division, Diyagama, Nihal Thalduwa, Police Media Spokesman, Tinker Lasanthaසන්ෂයින් සුද්දාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැගව සිටි ටිංකර් ලසන්ත නමැත්තා