මාධ්‍ය සංස්කෘතියේ වෙනසක් සිදු විය යුතුය – ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තුවේ හරවත් සංවාද සඳහා වැඩි ඉඩක් ලබා දෙන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි.
පාර්ලිමේන්තුව තුල සිදු කෙරෙන ඇතැම් නොවැදගත් සංවාදවලට ජනමාධ්‍යයේ වැඩි ඉඩක් හිමි වෙයි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කෙරෙන හරවත් සංවාදවලට හිමි වන්නේ අඩු ඉඩකඩකි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සිදු කෙරෙන හරවත් සංවාද සමාජගත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් අවශ්‍ය වෙයි.
මාධ්‍ය සංස්කෘතියේ වෙනසක්ද සිදු විය යුතුය. එය මෙරට ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍ය සාධකයක් බව මාතර තිහගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
No comments:
Post a Comment