අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවෙයි


අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවෙයි


Share Button

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 10.00 සිට පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මොරගස්මුල්ල. රාජගිරිය. ඔබේසේකරපුර. බණ්ඩාරනායකපුර. නාවල- කොස්වත්ත. රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවෙයි. අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

No comments:

Post a Comment